එක්දින තරගාවලි ජයක්....
ඉතින් ටෙස්ට් තරගාවලියෙන් ලබපු විශිෂ්ට තරගාවලි ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම එක් දින තරගාවලියට පිවිසුනේ ජයග්‍රාහී මානසිකත්වයෙන්.ඒ වගේම තමයි ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලිය පටන් ගන්න කොටත් home series හයක් එක දිගට ජයග්‍රහණය කරලා තමයි තිබුණේ.ඉතින් ඒත් එසේ මෙසේ රටවල් වලට කියන්න අමාරුයි.මොකද නම් දරාපු කණ්ඩායම් වෙන ඕස්ට්‍රේලියාව නවසීලන්තය ඉන්දියාව වැනි ප්‍රබල රටවල් පවා එක් දින තරගාවලියෙහිදී පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.කොහොමින් කොහොම හරි එක්දින තරගාවලියට බංගලාදේශයත් හොද කණ්ඩායම් සංචිතයක් නම් කර තිබුණා.ඉතින් පළමු තරග දෙකේ විස්තර මම ඔයාල එක්ක බෙදාගත්තත නිසා ඒ ගැන ලොකුවට කියන්න යන්නේ නැහැ. පළමු තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත් හතර දෙවන තරගය බංගලාදේශය ජය ගැනීමට සමත් වුණා.
ඒ අනුව තීරණාත්මක තරඟය වුණේ තෙවන සහ අවසන් තරගයයි.මේ තරඟය පැවැත්වුණේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයෙහිදී.තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක සමත් වුණා.ඒ අනුව ඔහු ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.ඔහුගේ ඉලක්කය වුනේ ලකුණු 280ක පමණ scoreboard එකක් සෑදීම බව චරිත් අසලක තරගය ආරම්භ වීමට ප්‍රථම සඳහන් කළා.ප්‍රථම කඩුල්ලට හොඳ ආරම්භයක් නැති උනත් දෙවන කඩුල්ලට පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් හොඳ සබඳතාවක් පවත්වාගෙන ගියා.පැතුම්ගේ දැවී යාමත් සමග පිටියට එක් වූ චරිත් සහ මෙන්ඩිස් බංගලාදේශ පන්දු යවන්නන් මනාව පාලනය කරමින් හොඳ ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.පසුගිය තරගයන්හිදී කුසල් මෙන්ඩිස් හොඳින් ක්‍රීඩා කරත් ඔහුට ලොකු ඉනිමකට යාමට හැකියාව ලැබුණේ නැහැ.නමුත් එහි වාඩුව හොඳින් මකා ගත් කුසල් මෙන්ඩිස් මෙම ඉනිමේදී ඔහුට අත්‍යවශ්‍යව තිබූ ශතකයක් ලබා ගැනීමට සමත් වුණා.ඒ අනුව ඉනිම අවසානයේ ලකුනු කඩුලු 7ට ලකුනු 285 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. වේග පන්දු යවන්නන්ට වැඩි වාසි තිබූ තන තීරුවේ මනාව ප්‍රයෝජනයට ගත් අසිත සහ චමීර බංගලාදේශ කණ්ඩායමේ කඳුළු තුන බැගින් දවා ගැනීමට සමත් වුණා.ඒ අනුව ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුනු 186ක් පමණයි.ඉතින් ලකුනු 99ක දැවැන්ත ජයග්‍රහණය ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට සමත් වුනා.