වාර්තා අලුත් කල ජයක්

in Steem Sri Lanka7 days ago

1000058981.jpg
source

දකුණු අප්‍රිකාවේ එංගලන්ත තරඟ සංචාරයේ එක් දින තරගාවලියෙන් දකුණු අප්‍රිකාව ජයක් ලබා ගත්තත් එය හරි හැටි රසවිඳීමට අවස්ථාව ලබා නොදුන්නේ අවසන් එක් දිනතරඟයෙන් දැවැන්ත පරාජයක් දකුණු අප්‍රිකාවට ගෙන දෙමින්.එය වාර්තා අලුත් කරපු පරාජයක්.කණ්ඩායමක් වැඩිම ලකුණු සංඛ්‍යාවකින් පරාජය වුණු තරගය තමයි ඒක.කෙසේ හෝ ඉන් සිදු වූ ලැජ්ජාවත් සමගම විස්සයි විස්ස තරගාවලියට පැමිණි කණ්ඩායම් දෙකම හොඳ සංයුතියකින් හැඩ ගැහිලා තිබුණා.නමුත් ප්‍රබල දකුණු අප්‍රිකා කණ්ඩායම ප්‍රථම විස්සයි විස්ස තරඟය ජයග්‍රහණය කළේ විස්සයි විස්ස තරගාවලියටත් හොඳ ආරම්භයක් ලබා ගනිමින්.නමුත් දෙවන විස්සයි විස්ස තරගයට පැමිණි එංගලන්ත කණ්ඩායම පළමු තරඟයේ සිදුවූ වාඩුව හොඳ හැටි ලබා ගත්තේ ලෝක වාර්තා අලුත් කරපු තරගයක් බවට මේ තරඟය පත්කරමින්.හරි ඉතින් අපි බලමු මේ තරඟය ගැන පොඩ්ඩක්.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්න එංගලන්ත කණ්ඩායම තම පන්දුවාර විස්ස අවසානයේ දැවැන්ත ලකුණු 304ක් ලබා ගන්නේ එක් දින තරඟයක ජයග්‍රහණයට සුදුසු ලකුණු පුවරුවක් නිර්මාණය කරමින්.ජාත්‍යන්තර තරඟයකදී එක් කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව මෙය ලෙස වාර්තා අලුත් කරන්න සමත් වුණේ ඒ නිසයි.එපමණක් නෙවෙයි මේ දැවැන්ත ලකුණු පූර්වට වැඩිම දායකත්වය ලබාා දුන්නේ Philip Salt විසිනුයි.ඔහු පන්දු 60කින් දැවැන්ත ලකුණු 141ක් ලබාගන්නේ පිටිය තනිකරම හයේ හතරේ සංදර්ශනයක් බවට පත් කරමින්.විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ ක්‍රීඩකයෙක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවද මෙය වීම තවත් වාර්තාවක්.ඉතිං වාර්තාගත ලකුණු සංඛ්‍යාවක් හඹා යෑමට පැමිණි දකුණු අප්‍රිකා කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ ලකුනු 158ක් පමනයි.ඒ අනුව එංගලන්ත කණ්ඩායම ලකුනු 146ක දැවැන්ත ජයක් ලබා ගැනීමට සමත් වුණා.