Another Win For Ausies

in Steem Sri Lanka2 days ago

1000046236.jpg
source

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරගාවලි කිහිපයෙන්ම අති විශිෂ්ට ජයක් ලබාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමම කියන්නේ ක්‍රිකට් ලොව සිටින දරුණුතම කණ්ඩායම කිව්වොත් නිවැරදියි.ඒ කාලේ ඉඳලම ඒක නොවෙනස්ව පවතිනව.කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලම ප්‍රතිවාදී කණ්ඩායම වුණේත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පමණයි.ඒ වගේ තත්ත්වයක ශ්‍රී ලංකා කණ්ඩායම සිටියා කියල මතක් වෙද්දි ඇත්තටම දැන් ඉන්න තත්ත්වය දැක්කම පොඩි කලකිරීමකුත් තියෙනවා.හරි ඉතින් ඒ ලබපු ජයග්‍රහණය සමග ඕස්ට්‍රේලියානු කණ්ඩායමට යෙදෙන තරගාවලිය වෙන්නේ දකුණු අප්‍රිකා කණ්ඩායම සමඟ තරගාවලියයි.ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරඟයෙන් ලබපු අමිහිරි පරාජයේ වාඩුවත් , ජයග්‍රහණයේ පමණක් පිපාසයෙනුත් සිටි ඕස්ට්‍රේලියානුවන් මෙම තරගාවලියට පිවිසෙනවා.

ඒ අයුරින්ම පැවති පළමු තරඟයෙන් විශිෂ්ට ජයක් ලබා ගන්නේ ලකුණු 17ක පහසු ජයක් අත්කර ගනිමින්.එම ජයග්‍රහණය නියමුවා වෙන්නේ ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස කණ්ඩායමේ ප්‍රබල නියෝජිතයෙක් වන ටිම් ඩේවිඩ්.නමුත් දෙවැනි තරඟයේදී ඕස්ට්‍රේලියානුවන්ට තමන් කවුද යන්න පෙන්වූ දකුණු අප්‍රිකානුවන් දැවැන්ත පරාජයක් ඔවුන්ට හිමිකර දෙන්නේ ලකුණු 53ක ජයක් ලබා ගනිමින්.ඩිවිලියර්ස්ගෙ next version එක වෙන Dewald Brewis විසින් මෙහිදී ශතකයක් ලබා ගැනීමටත් සමත් වෙනවා.තෙවන සහ තීරණාත්මක තරඟය ඊයේ පැවැත්වුණා.ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම තම පන්දු වාර විස්ස අවසානයේ ලකුනු 172ක් ලබා ගැනීමට සමත් වූ අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ඉනිමෙදී මාශ් හැරුණු කොට අනෙක් මුල් පෙළ පිතිකරුවන්ට සාර්ථක වීමට ඉඩ ලබා නොදුන්නේ තරඟයේ වැඩි වාසි ඔවුන් වෙත ලබා ගනිමින්.නමුත් වෙනදා වගේම ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සිටින great finisher වෙන Maxwell විසින් තනියම ගේම ඇදගෙන යන්නේ තරඟයේ ජයග්‍රහණය වගේම තරගාවලි ජයග්‍රහණයත් අන්තිම පන්දුවෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලබා දෙමින්. එහිදී ඔහු පන්දු 36දී විශිශ්ට ලකුනු 62ක් ලබා ගැනීමට සමත් වුණා.ඒ වගේම තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමටත් ඔහු සමත් වුණා.