Aussies Brilliant Win

in Steem Sri Lankalast month

1000029216.jpg
source

ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයින්ට ජයග්‍රාහී තරගාවලි අවසානයකට පස්සේ ලියන්න මගහැරුණු ඕස්ට්‍රේලියානු තරඟ සංචාරය ගැන ලියන්න හිතුවා.මේ තරඟය ටිකක් අමුතු තරඟයක්.මොකද දවස් පහේ ටෙස්ට් තරඟයක් උනත් මේ තරඟය අවසන් වෙන්න ගියේ දවස් තුනක් පමණයි.තනිකරම වේග පන්දු යවන්නන්ට හිතකර තණ තීරුවක් තමයි මෙහි තිබුණේ.හරි ඉතින් තරඟය ගැන පොඩි සාරාංශයක් දෙන්නම්කෝ හැමෝටම දැනගන්න.තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කරන ලද්දේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම විසින්.තණ තීරුවේ ස්වභාවයත් එක්ක ඔවුන් මුලින් පන්දුවට පහර දීමට තීරණය කළා.

නමුත් තණ තීරුවේ වාසිය මනාව ප්‍රයෝජනයට ගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ වේග පන්දු යවන්නන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පිතිකරුවන් අන්ද මන්ද කරමින් ඔවුන්ගේ ඉනිම ලකුණු 180 ට සීමා කලේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නන් දෙදෙන අතරේ කඩුලු නමයක් බෙදා ගනිමින්.ලෝක ටෙස්ට් ශූරතාවලියේ අනුශූරයන් වෙච්ච ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලේසියෙන් පරාජය භාර ගැනීමට කැමැත්තක් නොදැක්වූයේ තන තීරුවේ සියලු වාසි ඔවුන්ටද හරවා ඒ අනුව මිචල් ස්ටාක් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වේග පන්දු බලඇණිය කොදෙව් කණ්ඩායමත් ලකුනු 190 ට සීමා කිරීමට සමත් වුණා.ලකුණු දහයක් පිටුපසින් හිඳිමින් ඉනිම ආරම්භ කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමු ඉනිම ලෙසම මුල්කඩුළු කිහිපය දැවීී ගියත් head, webster සහ carey යම්තාක් දුරකට ඉනිම සවිමත් කලේ අර්ධ ශතක ලබා ගනිමින්.ඒ අනුව දෙවෙනි ම අවසානයේදී කොදෙව් කණ්ඩායමට එරෙහිව සාර්ථක ලකුණු 300ක ඉලක්කයක් ලබාදීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා.ඉතින් එම ඉලක්කය හඹා යාමට පැමිණි කොදෙව් කණ්ඩායම ලකුනු 141 ට සීමා කරමින් ලකුනු 159ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා.ඒ අනුව තරග තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ 1-0 ලෙස පෙරමුණ ගැනීමටත් ඔවුන් සමත් වුණා.තරඟයේ වීරයා ඉනිම් දෙකේම අර්ධ ශතක ලබාගත් ට්‍රැවිස් හෙඩ් විසින් දිනා ගනු ලැබුවා.

Sort:  

I have been an Ausi fan my whole life. Cheers to this win

They are always champions ❤️