Beauty Of Test Cricket
ඉතින් ක්රිකට් රසිකයිනි ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්නවා ඇති කියල හිතනව.ටෙස්ට් ක්රිකට් ක්රීඩාවේ ලස්සන විශිෂ්ටත්වය සහ අනපේක්ෂිතකම වගේ ගොඩක් දේවල් පෙන්නපු තරඟයක් තමයි ඉන්දියාව සහ එංගලන්තය අතර අවසාන ටෙස්ට් තරගය.විටෙක සියලු ක්රිකට් රසිකයින් එංගලන්ත ජයග්රහණය අපේක්ෂා කරමින් සිටියදී එය සම්පූර්ණයෙන් කනපිට පෙරලන්න ඉන්දියා කණ්ඩායම සමත් වුණේ තරඟයේ ජය සහ තරගාවලි ජයත් එංගලන්තයෙන් උදුරා ගනිමින්.හරි ඉතින් ඒ නිසා මට අද මේ තරඟය ගැන ලියන්න හිතුනා.දෙපිලම තම දක්ෂතා හොඳින් පෙන්නපු තරඟයක් තමයි මේක.එංගලන්තෙ ඕවල් පිටියේ තමයි අවසන් තරඟය ක්රියාත්මක වුණේ.එංගලන්තයේ වෙන ටෙස්ට් තරඟ වගේම මේ තරගයෙත් ප්රේක්ෂකාගාරෙ රසිකයින්ගෙන් පිරී තිබුණා.
ප්රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියා කණ්ඩායම සියලු දෙනා දැවී රැස්කිරීමටට හැකි වූයේ ලකුනු 224ක් පමණයි. එහිදී සාර්ථක වූ එකම පිතිකරුවා වූයේ Karun Nair පමණයි.ඔහු අර්ධ ශතකයක් රැස්කිරීමට සමත් වුණා.පලමු ඉනිමේදී Gus Atkinson කඩුලු පහක් දවා ගැනීමට සමත් වුණා.එංගලන්ත ඉනිමත් පළමු ඉනිමට ලකුණු 247ට සීමා වුනේ අසාර්ථක මැදපෙළ පිරිකරුවන් නිසා.එහිදී Zak Crawley සහ Harry Brook අර්ධ ශතක රැස්කිරීමටත් සමත් වුණා.තරගාවලිය ශතකයකින් ආරම්භ කළ යසසවි ජයිස්වාල් තරගාවලිය ශතකයකින්ම අවසන් කිරීමට සමත් වුණා. ඒ අනුව දෙවෙනි ඉනිමට ඔවුන් විශිශ්ට 396ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණේ 373ක ප්රබල ඉලක්කයක් එංගලන්ත කණ්ඩායමට ලබාදෙමින්.වාර්තාගත ජයක් හඹායාමට පැමිණි එංගලන්ත කණ්ඩායම සාර්ථක ආරම්භයක් ගත්තේ ජෝරූට් සහ හැරී බෲක් දෙදෙනාම ශතක ලබා ගනිමින්.නමුත් පළමු ඉනිමේදී වූ දේම දෙවනි ඉනිමේදීත් සිදුවුණේ අසාර්ථක මැදපෙළ කඩා වැටීමත් සමඟයි.ඒ අනුව එංගලන්ත කණ්ඩායමේ තිබූ වාර්තාගත ජයග්රහණය සිරාජ ප්රමුඛ ඉන්දියා කණ්ඩායම උදුරා ගත්තේ ලකුණු හයක තියුණු ජයක් ලබා ගනිමින්.