Best of Stokes
මේ දවස්වල ගොඩක් ක්‍රිකට් රසිකයින්ගේ දෑස් යොමු වෙලා තියෙන්නේ එංගලන්තය හා ඉන්දියාව අතර ටෙස්ට් තරගාවලිය දෙසයි. ඉතින් පුදුමය කියන්නේ ටෙස්ට් තරග වලට දැන් ක්‍රිකට් රසිකයින්ගේ තියෙන ආසාව ටිකෙන් ටික වැඩිවෙන බවක් දකින්න ලැබෙනවා.රසිකයින් සම් කොට්ඨාසයක් කම්මැලිකම නිසා ටෙස්ට් තරග බැලීමෙන් වැළකී සිටියත් ටෙස්ට් මැච් කියන්නෙම වෙනම කලාවක්.එංගලන්තය දැන් යන වෙනම බේස් බෝල් සීන් එකත් එක්ක ඒක අමුතුම රසයක් වෙලා තියෙනවා.ඒක කෙසේ කොහොම වුණත් එංගලන්තෙ ටෙස්ට් මැච් එකක් කියන්නේ ඒක අමුතුම විදිහේ එකක්.වෙන රටවල් වල පැවැත්වෙන ටෙස්ට් මැච් වලට වඩා එංගලන්තයේ පැවත්වෙන ටෙස්ට් මැච් වල ව අමුතුම වෙනසක් ප්‍රේක්ෂක ආකර්ෂණයක් තියෙනවා.
හරි ඉතින් අද කතා කරන්න යන්නේ එංගලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වෙන හතරවෙනි ටෙස්ට් තරඟය ගැන.තරගාවලිය දෙකට එකක් ලෙස පෙරමුණේ සිටින්නේ එංගලන්ත කණ්ඩායමයි.නමුත් ඉන්දියා කණ්ඩායමත් හොඳ සටනක් වගේම අභියෝගයක් එංගලන්ත කණ්ඩායමට එල්ල කිරීමට සමත් වෙලා තියෙනවා.කෝමෙන් කොහොම හරි තීරණාත්මක මේ තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුනු 358ක් ලබා ගැනීමට සමත් වුණා.එයට නියමාකාර පිළිතුරක් ලබාදුන් එංගලන්ත කණ්ඩායම 669 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේ ජෝ රූට්ගේ සහ බෙන් ස්ටෝක්ස්ගේ අගනා ශතක දෙකක් ද සමඟින්.මේ ශතක දෙකේ තව විශේෂත්වයක් තියෙනවා. ජෝ රූට්ගේ මේ ශතකයත් සමග වැඩිම ලකුණු ලාභීන් අතර දෙවන ස්ථානයට පැමිණීමට ඔහු සමත් වුණේ සචින් තෙන්දුල් කාර්ට පමණක් දෙවෙනි වෙමින්.ඒ වගේම තමයි බෙන් ස්ටොක්ස් මේ ශතකය ලබාගන්නේ ඉන්දියානු කණ්ඩායමේ කඩුලු පහක්ද දවා ගැනීමත් සමඟමයි.ඉතින් ඔහු මේ තරඟය තුළ පන්දුවෙන් සහ පිත්තෙන් තමන්ගේ දස්කම් උපරිමයෙන් පෙන්වීමට සමත් වුණා.ඉතින් ඉන්දියාවට තරගය ජය පරාජයෙන් තොරව බේරා ගැනීමට අද උපරිම උත්සාහය දැරීමට සිදුවෙනවා.අපි බලමු ඉතින් මොකක් වේවිද කියලා.