End With A Win

in Steem Sri Lankayesterday

1000057157.jpg

source

ඉතින් යාලුවනේ ඔයාලා හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා. සිම්බාබ්වෙ කණ්ඩායම සමග පැවැති විස්සයි විස්ස තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට ගොඩක් වැදගත් උනේ Asia Cup එකට කලින් ලැබෙන හොඳ අවස්ථාවක් මේක උන නිසා.සිම්බාබ්වේ විස්සයි විස්ස තරග වදින කණ්ඩායමත් හොඳ අත්දැකීම් තියෙන කණ්ඩායමක් Shikandar Raza ප්‍රමුඛව. එහිදී පළමු තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය ලබා ගත්තත් දෙවන තරඟයෙන් අන්ත පරාජයකට ලක් වුණේ හරාරේ පිටියේ ලබපු දැවැන්තම පරාජයද එය බවට පත්කරමින්.ඒක ශ්‍රී ලංකා කණ්ඩායමට ලොකු පහරක් වුණේ මැදපෙළ පිතිකරුවන්ගේ දායකත්වයේ අඩුව තව තවත් මනාවට ඔප්පු කරමින්.කලක සිටම කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගෙන් හොඳ ආරම්භයක් කණ්ඩායමට ලැබුණත් ඔවුන් දෙදෙනාගේ දැවීයාමෙන් පසුව එය දිගටම රඳවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මැද පෙලේ පිරිකරුවන්ගෙන් ලොකු දායකත්වයක් ලැබෙන්නේනැහැ.ඉතිං ගොඩක් පරාජයන් වලට හේතු වුණේ මෙන්න මේක.

කොහොම හරි තෙවන තරඟයෙ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සිම්බාබ් වේ කණ්ඩායම දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේ පන්දු වාර විස්ස අවසානයේ ලකුනු 191ක් ලබා ගනිමින්.ලකුනු 190ක් කියන්නේ මේ තරඟයේ ජයග්‍රහණයට හොඳ ලකුණු සංඛ්‍යාවක්.නමුත් පිටියට පිවිසි පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් හොඳ ආරම්භයක් ලබා දුන්නේ powerplay එක තුළ දහයකට වැඩි දළ ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගනිමින්.කුසල් මෙන්ඩිස්ගේ සහ පැතුම් නිශ්ශංකගේ දැවී යාමෙන් පසුව ක්‍රිකට් රසිකයින්ට යම් චතිකයක් ඇති වුණත් කලකට පසුව අවස්ථාවක් ලබාගත් කමිල් මිශාර සිම්බාබ් වේ පන්දුයවන්නන්ට අත දිගහැර පහර එල්ල කළේ තේරීම් කමිටුව තමන් පිළිබඳව ගත් තීරණය නිවැරදි බව තව තවත් ඔප්පු කරමින්.තරග කීපයක සිටම අසාර්ථක වූ කුසල් ජනිත් පෙරේරා මේ තරඟයෙන් නැවතත් සුපුරුදු දක්ෂතා අතරට පැමිණියේ තරගය අවසන් වන තෙක්ම තමන්ගේ කඩුල්ල ආරාක්ශා කරගෙන ජයග්‍රහණයට කණ්ඩායම ගෙනයමින්.ඒ අනුව පන්දුවාර 17.4 දී විශිෂ්ට ජයග්‍රහණයක් ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත්තේ තරඟාවලි ජයග්‍රහණයට ශ්‍රී ලංකා කණ්ඩායමට එක් කර දෙමින්.