Great Performances from Pathum....
ඉතින් මේ දවස්වල ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ වෙලා තමයි තියෙන්නෙ. ඉතින් පළමු ටෙස්ට් තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අතර එහිදී කාසිය වාසිය ජයගත් බංගලාදේශ කණ්ඩායමේ නායක Santo විසින් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.ගොඩක් වෙලාවට ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයෙන් කාසිය වාසිය දැනගන්නම් කණ්ඩායම තීරණය කරන්නේ ප්‍රථමයෙන් පන්දුවට පහරදීම තමයි.මොකද අවසන් දවස් දෙකේ තණ තීරුව ගොඩක් වෙලාවට දග පන්දුයවන්නන්ට වාසි දායක වන නිසා ඉන් වැඩි වාසි ගැනීමට ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කරනවා. ඉතින් නායකයාගේ තීරණයට දැඩි සාධාරණයක් කිරීමට හැමදාම වගේ ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳින් මුහුණ දෙන Mushfiquer Rahim විසින් විශිෂ්ට ශතකයක් ලබාගත් අතර නායකයා විසින්ද ශතකයක් ලබාගැනීමට සමත් වුනා.
ඒ අනුව ඉනිම අවසානයේදී 495ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට බංගලාදේශ කණ්ඩායම සමත් වුණේ තරගයේ වැඩි වාසි තම කණ්ඩායම දෙසට හරවා ගනිමින්.තම මංගලට ස්තරගේදී කඩුලු තුනක් දවා ගැනීමට තරිඳු රත්නායක සමත් වන අතර , විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අසිත ප්‍රනාන්දු කඩුලු හතරක්ද , මිලාන් රත්නායක කඩුලු තුනක් ද දවා ගැනීමට සමත් වුනා.තම ප්‍රථම ඉනිමේ හන්දුවට පහර දීමට තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු අභියෝගය නම් එතරම් පහසු නැහැ.මංගල තරඟය ක්‍රීඩා කරන ලහිරු උදාරට ලබා ගැනීමට හැකි උනේ ලකුණු 29ක් පමණයි.නමුත් දෙවන කඩුල්ලට විශිෂ්ට සබඳතාවක් ගෙන යාමට චන්දිමාල් සහ පැතුම් නිස්සංක සමත්වුණා. නමුත් අවාසනාවන්ත ලෙස අර්ධ ශතකයක් ලබා ගැනීමෙන් පසු චන්දිමල් දැවී ගියත් ඇන්ජලෝ මැතිව්ස්ගෙ අවසන් තරඟයට මනා සාධාරණයක් කිරීමට පැතුම් නිස්සංක තම උපරිමය ඉටු කරන්න සමත් වුණා.මැතිව්ස්ටත් ලබා ගැනීමට හැකිවුණේ ලකුනු 39ක් පමණයි.දැවැන්ත ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක තම ටෙස්ට් ක්‍රික දිවියේ ලකුනු 1000 සීමාව පසු කිරීමටත් නිමකදී තමා ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව මෙම තරඟයේදී ලබා ගැනීමටත් සමත් වුණා.අවාසනාවන්ත ලෙස ද්විත්ව ශතකය පෙනෙන මායිමේදී ලකුණු 187ට දැවී යාමට පැතුම් නිස්සංකට සිදුවුනා.තම හුරුපුරුදු ක්‍රීඩාංගණයේ සුපුරුදු දක්ෂතා පෙන්වමින් දිවා ආහාරයට තරඟය නවත්වන විට ලකුණු 83ක් ලබා ගනිමින් නොදැවී ක්‍රීඩා කිරීමට කමිදු මෙන්ඩිස් සමත් වෙලා තියෙනවා.ඒ වගේම දැන් ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශ ප්‍රථම ඉනිකට වඩා ලකුනු 30 පමණයි පසුපසින් ඉන්නේ.ඉතින් ඔවුන්ට ලකුනු 600 සීමාව පසුකර බංගලාදේශ කණ්ඩායමට ලකුනු 150ක විතර ඉලක්කයක් අද දවස ඇතුලත ලබා දෙන්න පුළුවන් නම් ගොඩක් වෙලාවට තරඟයේ වැඩි වාසි ශ්‍රී ලංකා කණ්ඩායම දෙසට නැඹුරු වෙන්න පුළුවන්.ඒ නිසා වැස්සෙන් බාධාවක් ඇති නොවුනොත් තරගය ගොඩක් දුරට තීරණයකින් අවසන් වෙන්නත් පුළුවන්.අපි බලමු ඉතින් තරඟය මොකකින් මොකක් වේවිද කියලා.
This post has been curated by
Team #5
@damithudaya