Great Start From Sri Lanka

in Steem Sri Lanka4 days ago

1000060182.jpg

source

ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශ කණ්ඩායමට එරෙහිව විස්සයි විස්ස තරඟ රටාව තුළ එතරම් හොඳ දක්ෂතා පෙන්නන්න සමත් වුණේ නැහැ.එක් දින තරඟ රටාව තුළ ශ්‍රී ලංකාව හොඳ තත්ත්වයක හිටියත් විස්සයි විස්ස තරඟ රටාව තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ යම්කිසි පසුබෑමක් දක්නට ලැබුණා පසුගිය කාලයේම.ඉතින් එවන් වාතාවරණයක තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියානු කුසලාන තරගාවලිය ලැබෙන්නේ.තරගාවලියට පෙර පැවති සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති විස්සයි විස්ස තරගාවලියේ ජයග්‍රහණය ලබන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.නමුත් එහිදී ගතී පෙනෙන දක්ෂතා පෙන්වන්න අපේ කණ්ඩායමට හැකි වූයේ නැහැ.කෙසේ හෝ ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු තරඟය යෙදුණේ පකිස්ථාන කණ්ඩායමත් පරාජය කළ පැමිණි බංගලාදේශ කණ්ඩායමත් සමග‍යි.

බංගලාදේශ විස්සයි විස්ස කණ්ඩායම හොද සංයුතියකින් යුත් කණ්ඩායමක්.කොහොම හරි ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පැමිණි බංගලාදේශ කණ්ඩායමේ සියලු බලාපොරොත්තු සුනු විසුණු කළේ ප්‍රථම පන්දු වාර දෙකම කඩුලු දෙකකට නිලකුණු පන්දුවාර දෙකක් බවට පත් කරමින්.බංගලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම නැවත ක්‍රීඩාගාරයට හරවා යෑවීමට දුෂ්මන්ත චමීර සහ නුවන් තුෂාර සමත් වුණා.යම්තාක් දුරකට සෑහීමකට පත්වෙන්න පුළුවන් ලකුණු සංඛ්‍යාවක් නිර්මාණය කිරීමට ශමීම් හුසේන් සහ ජේකර් අලි සමත් වුණේ බංගලාදේශ ලකුණු පුවරුව 139 ක් දක්වා ඉහල න්ංවමින්.එම ඉලක්කය පහසුවෙන් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හතරක් දැවී පන්දුවාර් 15කින් ඉලක්කය සම්පූර්ණ කළේ බංගලාදේශ කණ්ඩායමට දැවැන්ත පරාජයක මංපෙත් විවර කරමින්.ඒ අනුව ආසියානු තරගාවලියේ ප්‍රථම තරඟයම ජයග්‍රහණය කරමින් ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.