High Scoring Thriller

in Steem Sri Lanka3 days ago

1000065010.jpg

source

ඉතින් යාළුවනේ ඔයාලා හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා. අද ලියන්න යන්නේ කාලෙකට පස්සේ බලපු සුපිරිම මැච් එකක්.ඒකත් එසේ මෙසේ කණ්ඩායමත් එක්ක නෙමෙයි. ලෝක ශූරයන් එක්ක පැවැත්වුණු මැච් එකක්. හරි ඉතින් මුල ඉදලම පටන් ගමුකෝ.ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩාම ඉතා හොඳ ආරම්භයක් ලබා ගත්තත් සුපිරි හතර දෙනාගේ වටයේදී දුර්වල ක්‍රීඩා විලාශය නිසා ශ්‍රී ලංකාවට ඉවත්වීමට සිදු වුණේ බංගලාදේශය සහ පාකිස්ථානය අතර තරග දෙකම පරාජය වීම නිසා. ආසියානු කුසලාන තරගාවලියේ පැවැත්වුණු තරග සියල්ලම වගේ ගොඩක් කුතුහලය පිරුණු තරඟ වුණේ නැහැ.මුල ඉඳලම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟය ගැන ප්‍රේක්ෂකයන්ගේත් ක්‍රීඩා විචාරකයන් අතරෙත් ලොකු උනන්දුවක් තිබුණා.ඒ නිසාම මේ තරඟය ගැන ගොඩක් දෑස් දල්වා බලාගෙන හිටියා.

ඉතින් තරගය ඊයෙ ඩුබායිහීදී පැවැත්වුණේ කාසියේ වාසිය චරිත් අසලංකට ජයග්‍රහණය කර දෙමින්.පුරුදු ලෙසම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළ ඔහුගේ තීරණය දෙවරක් සිතා බැලීමට කටයුතු සිද්ධ කළේ ආරම්භයේ සිටම අභිශේෂ ශර්මා තම සුපුරුදු ප්‍රවේගකාරී පිති හරබය දියත් කරමින්.ආරම්භයේ සිටම හතර අතට ප්‍රහාර එල්ල කරමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසරණ කිරීමට අභිශේෂ ශර්මා ප්‍රමුඛ ඉන්දියා පිතිකරන බලඇණිය සමත් වුණා.ඒ අනුව තම පන්දු වාර විස්ස අවසානයේ ලකුනු 202 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට ඉන්දියා කණ්ඩායම සමත් වුණා.ආසියානු කුසලාන තරගාවලියක දැවැන්තම හඹායෑමට පිටියට පිවිසී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රථම කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා ක්‍රීඩාගාරයට හරවා යැවීමට හාර්දික් පාන්ඩ්‍යා සමත් වුණා.නමුත් ඉන් පසුව පිටියේ ස්ථාවර වූ කුසල් පෙරේරා සහ පැතුම් නිස්සංක ඉන්දියාවේ පන්දු යවන්නන් අසරණ කළේ හතර අතට ප්‍රහාරය දියත් කරමින්.අති විශිෂ්ට පිතිකරනයක නිරත වුනු කුසල් පෙරේරා විශිෂ්ට ලකුණු 58ක් ලබා ගැනීමට සමත් වුනු අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා පිට වාර්තා තබන වාර්තා අලුත් කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ බර අවිය පැතුම් නිස්සංක තම ප්‍රථම විස්සයි විස්ස ශතකය ලබාගත්තේ ජයග්‍රහණය මං පෙත් විවර කරමින්.නමුත් අවාසනාවට තරග්‍ය සමවුනේ සුපිරි පන්දුවාරයකට තරගයේ තීරණයලබාදෙමින්.ඉන් පහසු ජයක් ලබාගත ඉන්දියා කණ්ඩායම තරගයේ ජයග්‍රහණය ලබා ගත්තත් ශ්‍රී ලංකා කණ්ඩායමේ විශිෂ්ට දක්ෂතා තරගයේදී මනාව කැපී පෙනුණා.