Interesting Match
ඉතින් ක්‍රිකට් රසිකයින් වන ඔයාලා හොඳින් පරිස්සමෙන් ඇති කියලා හිතනවා.ඉතින් මේ දවස්වල ක්‍රිකට් සංග්‍රාම කිහිපයක්ම පැවැත්වෙනවා.ඒ අයගේ අපිට වැදගත්ම වෙන්නේ බංගලාදේශ කණ්ඩායම එක්ක පැවැත්වෙන තරගයනෙ.අදත් අපිට විශේෂ දවසක්.මොකද විස්සයි විස්ස තරගාවලියේ තීරණාත්මක සහ වැදගත්ම තරඟයක් වන දෙවන තරඟය අද රංගිරි දඹුලු ක්‍රීඩාංගනයේදී පැවැත්වීමක් නියමිතයි.මේ තරඟය ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකා කණ්ඩායම 2-0 මෙලෙස තරගාවලිය ජයග්‍රහණය කිරීමට හැකිවෙනවා.හරි ඉතින් මැච් එක ඉවර වුනාට පස්සෙ ඒ ගැන ලියන්නම්කෝ.කොහොම හරි මේ අතරම ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ටෙස්ට් තරගයත් පැවැත්වෙනවා.
මේ තරගාවලියේ තුන්වන තරඟය තමයි දැන් පැවැත්වෙමින් තියෙන්නේ.මුල් තරඟ දෙකේම ජයග්‍රහණය ඕස්ට්‍රේලියාව සතු වුණා. අපි බලමු තුන්වෙනි තරඟය කොහොම වේවිද කියලා.කොහොම හරි අද මම ලියන්න යන්නේ ඉන්දු එංගලන්ත තරග සංචාරය ගැනයි.මේ තරගාවලියේ තුන්වන තරඟය තමයි දැන් පැවැත්වෙන්නේ.මේ තරගාවලිය විශේෂ වෙන්නේ කණ්ඩායම් දෙකම හොඳින් තරඟාවලිය ක්‍රීඩා කිරීම නිසයි.ප්‍රථම තරඟයෙන් විශිෂ්ට ජයක් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වූ අතරම, උන් වාඩුව මනාව ගැනීමට දෙවන තරඟයේදී ඉන්දියා කණ්ඩායම් සමත්වුණා.මේ අනුව දෙවන තරගයේ ජය ඉන්දියා කණ්ඩායම සතු උනා.ඉතින් තීරණාත්මක තරගයක් වන දෙවන තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 387ක් ලබා ගැනීමට සමත් වුණා.ඉතින් විශේෂ කාරණය මේක නෙවෙයි, තම ප්‍රථම ඉනිම දියත් කල ඉන්දියා කණ්ඩායමත් ලබා ගත්තේ සියලු දෙනා දැවී එම ලකුණු සංඛ්‍යාවම වීමයි.ඒ අනුව කණ්ඩායම් දෙකම සියලු දෙනා දැඩි සම ලකුණු ලබා ගත්තේ තරගයේ තීරණාත්මක බව තව තව වැඩි කරමින්.අද ක්‍රියාත්මක වෙන්නේ තරගයේ හතරවෙනි දවසයි.මේ වන විට එංගලන්ත කණ්ඩායමක් කඩුලු 4ක් දැවී ලකුනු 98ක් ලබාගෙන සිටිනවා.අපි බලමු තරගය තීරණයකින් අවසන් වේද නැත්නම් තීරණයක් තොරව අවසන් වෙයිද කියලා.