IPL Suspended

in Steem Sri Lanka3 months ago

1000008678.jpg

source

ඉතින් අද ලියන්න යන්නේ ක්‍රිකට් රසිකයින්ට නම් එච්චර සුභ ආරංචියක් නෙමෙයි.මැච් එකක් බලන්න විදියක් නැතුව වේලි වේලි හිටපු අපිට තිබුණු එකම සැනසීම තමයි IPL තරගාවලිය.කෙසේ හෝ අවාසනාවකට මේ තරගාවලියටත් හෙන හුරා පාත් වෙලා තියෙනවා.මීට මාස දෙකකට විතර පෙර කාශ්මීර ප්‍රදේශයේ සිදුවූ දරුනු ඛේදවාචකයක් නිසා සංචාරකයන් කීප දෙනෙක්ට දිවි අහිමි වුණා.ඉන් වැඩි ප්‍රමාණයක් ඉන්දීය ජාතිකයින්.කෙසේ හෝ ඉන්දියානු රජය පවසන ආකාරයට මේකට පකිස්ථාන රජයත් සම්බන්ධයි.නමුත් මේ ත්‍රස්තවාදී ක්‍රියාවලියට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව පවසමින් පකිස්ථාන රජය තරයේ හෙලා දකිනවා.ඒ කොහොම වුණත් පසුගියදා ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි විසින් හමුදාවට සියලු බලතල ලබා දුන්නා ත්‍රස්තවාදීන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න විදිහට.

ඒ අනුව පසුගියදා ඉන්දියාව විසින් පකිස්ථානයේ ත්‍රස්තවාදීන් සිටිනවා යැයි සැක කරන ප්‍රදේශවලට ප්‍රහාරයක් එල්ල කර අතර ඉන් සිවිල් වැසියන් විස්සකට අධික ප්‍රමාණයක් මියගියා.කවුරු කෙසේ කොහොම කිව්වත් යුද්ධය නම් කිසිම රටක නොවිය යුත්තක්.ඒකට ප්‍රතිචාර ලෙස පකිස්ථානයෙනුත් ප්‍රති ප්‍රහාර එල්ල කරලා තිබුණා.ඉතින් මේ යුධමය වාතාවරණය රටවල් දෙකේම ලීග ක්‍රිකට් තරගාවලිවලටත් අතිශය බලපෑම් එල්ල කරලා තියෙනවා.රටවල් දෙකේම මේ වන විට ලීග තරගාවලි ක්‍රියාත්මක වෙනවා.පසුගියදා පැවැත්වීමට නියමිත වුණු දිල්ලි කැපිටල් සහ පන්ජාබ් කින්ස් අතර තරඟය හදිසියේ නැවැත්වීමට තීරණය කළේ පකිස්ථානය ප්‍රහාරයක් එල්ලවීමට හැකි බවට ලැබුණු තොරතුරක් මතයි.ඉතින් ඒ අනුව අද දිනයේ IPL කරනවද තරගාවලිය තාවකාලිකව නවත්වා තැබීමට තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා.ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා ඉක්මනටම යුදමය තත්ත්වය විසඳිලා රටවල් දෙකම සාමකාමී පියවරවල් අනුගමනය කරාවි කියලා.අපි බලමු ඉදිරියට කොහොම වේවිද කියලා.