Ravichandran Ashwin

in Steem Sri Lanka3 days ago

1000047870.jpg
source

ඉතින් යාළුවනේ ඔයාලා හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා. අද ලියන්න යන්නේ ඉන්දියාවේ ක්‍රිකට්වලට බිහිවුනු ශ්‍රේෂ්ඨතම පන්දු යවන්නෙක් ගැන.ඒ තමයි රවි චන්ද්‍රන් අශ්වින්.1986 වර්ෂයේ ඉපදුනු අශ්වින් ක්‍රිකට් ජීවිතය ආරම්භ කරන්නේ මුල් පෙළ පිතිකරුවෙක් විදිහට.නමුත් එහිදී ඔහුගේ සාර්ථකත්වය එතරම් නොපෙන් වූ නිසා තගපන්දු යවන්නෙක් ලෙස තමන්ගේ දක්ෂතා ඉහල නංවා ගන්නවා.ඒ අනුව 2010 වර්ෂයේදී ඉන්දියා ජාතික කණ්ඩායමට වරම් ලබා ගැනීමට අශ්වීන් සමත් වෙනවා.ඒ දකුණත් පිට දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් විදියට.2011 දී ඉන්දියාව ජයග්‍රහණය කරන ලද ලෝක කුසලානයේ වගේම 2013 වර්ෂයේදී ඔවුන් ජයග්‍රහණය කරන ලද ශූරයින්ගේ කුසලානයේත් සාමාජිකයෙක් වීමට අශ්වින් සමත් වෙනවා.

අශ්වින් කියන්නේ ඉන්දියාවට බිහිවුණු එසේ මෙසේ ක්‍රීඩකයෙක් නෙවේ.මොකද ඔහු ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග සියයක් සහ එක් දින තරඟ සියයක් ක්‍රීඩා කිරීමට සමත් වෙලා තියෙනවා.ඉන්දියා ජාතික කණ්ඩායමේ රැඳිලා ඉන්න එක එතරම් පහසු දෙයක් නෙවෙයි.නමුත් දවසින් දවස ඔහුගේ දක්ෂතා ඉහළ නංවා ගනිමින් කණ්ඩායමේ තමන්ගේ ස්ථානය නොවෙනස්ව තබා ගැනීමට අශ්වින් සමත් වුනා.ඒ වගේම තමයි ඔහුගේ නම ඉදිරියේ ටෙස්ට් කඩුලු 537 ක් සහ එක් දින කඩුලු 156 ක් සඳහන් වෙලා තියෙනවා.එපමණක් නෙවෙයි පිතිකරුවෙක් විදියටත් ඔහුගේ කාර්යභාරය මනාව ඉටු කිරීමට අශ්වීන් සමත් වෙලා තියෙනවා.ඒ ශතක හයක් ලබා ගැනීමත් සමඟයි.ඉන්දියාව වෙනුවෙන් එතරම් සේවයක් ඉටු කරපු අශ්වින් 2024 වර්ෂයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙනු ලැබුවා.