SA Leads The Series

in Steem Sri Lanka21 days ago

1000029857.png
source

ශ්‍රී ලංකා බංගලාදේශ තරඟාවලිය නිසා ඒ හා සමගාමීව පැවැත්වුණු දකුණු අප්‍රිකා සිම්බාබ්වෙ තරගාවලිය ගැන ලියන්න ලැබුනේ නැහැ.කොහොම හරි ඕස්ට්‍රේලියා කොදෙව් තරගාවලිය ගැනනම් කලින් article එකේ ලිව්වා.කොහොම හරි අද ලියන්නේ දකුණු අප්‍රිකා සිම්බාබ්වේ ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟය ගැන.මේ තරගාවලියට දකුණු අප්‍රිකා කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයින් කිහිපයක් විවේක ගන්වා තිබෙනවා.ඒ නිසා නවක ක්‍රීඩකයන්ට අවස්ථාව ලැබිලා තියෙනවා කණ්ඩායමේ දක්ෂතා පෙන්වීමට.ඒ වගේම තමයි මේක Sean williams තරඟ වදින අවසන් තරගය වීමත් විශේෂත්වයක්.තරඟයේ කාසිය වාසිය ජයග්‍රහණය කරනු ලැබුවේ දකුණු අප්‍රිකා කණ්ඩායම විසින්.ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කලා.

දකුණු අප්‍රිකා කණ්ඩායමේ මුල් පෙළ කඩුලු කිහිපයේ ඉක්මනින් දැවීගියේ සිම්බාබ්වේ කණ්ඩායමේ බලාපොරොත්තු ඉහල නංවමින්.නමුත් මැදපෙළ පිතිකරු Pretorious විසින් සිම්බාබ්වේ කණ්ඩායමේ පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළේ දැවැන්ත.ලකුනු 153ක් ලබාගනිමින්.ඒ වගේම Bosch ලබාගත් විශිෂ්ට ශතකයත් සමග දකුණු අප්‍රිකා කණ්ඩායම ප්‍රතම ඉනිමට 418ක් ලබා ගැනීමට සමත් වුණා. සිම්බාබ්වේ කණ්ඩායමට ප්‍රථම ඉනිමට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 258ක් පමණයි.එහිදී සිම්බාබ්වේ කණ්ඩායමේ සාර්ථකම පිතිකරුවා වූයේ Sean Williams පමණයි. ඔහු විසින් විශිශ්ට ශතකයක් ලබාගැනීමට සමත් වුනා.දෙවෙනි ඉනිමේදිත් සාර්ථක වූ දකුණු අප්‍රිකා කණ්ඩායමේ පිතිකරුවන් ලකුණු 369ක් ලබාගත්තේ ලකුණු 537ක දැවැන්ත ඉලක්කයක් සිම්බාබ්වේ කණ්ඩායමට ලබා දෙමින්.නමුත් දෙවෙනි ඉනිමේදීත් ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුනු 208ක් පමණයි.මේ අනුව පළමු ටෙස්ට් තරඟයේදී ලකුණු 328ක දැවැන්ත ජයක් ලබා ගනිමින් තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වුනා.

Sort:  

SPOT-LIGHT TEAM: Your post has been voted on from the steemcurator07 account.

Thank you for your valuable efforts! Keep posting high-quality content for a chance to receive more support from our curation team.

WhatsApp Image 2025-06-29 at 15.12.51_2f3c3c85.jpg