SA Won The Series , But......

in Steem Sri Lanka19 hours ago

1000049833.jpg
source

ඕස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවති තරග තුනකින් සමන්විත එක් දින තරගාවලියේ ප්‍රථම තරඟ දෙකම ජයගත් දකුණු අප්‍රිකා කණ්ඩායම තරගාවලියේ ජය කලින්ම තහවුරු කරගත්තේ ඔවුන් සතුව ඇති කණ්ඩායමේ සමබර බව දක්ෂතාව මනාව කියාපාමින්.නමුත් අවසන් තරගයෙන් ඒ සියලු කීර්තිය උදුරා ගැනීමට සබත් උනේ දැවැන්ත පරාජයක් දකුණු අප්‍රිකාවට උරුම කරදෙමින්.කාසි වාසයේ ජයග්‍රහණය කරගත් ඕස්ට්‍රේලියනු කණ්ඩායමේ නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ හොඳ ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමේ අරමුනින්.ඒ වගකීම මනාව ඉටු කරමින් කණ්ඩායමේ නායක මිචෙල් මාෂ් සහ ට්‍රැවිස් හෙඩ් ප්‍රථම කඩුල්ලටම
ලකුණු 250ක දැවැන්ත සබඳතාවක් නිර්මාණය කිරීමට සමත් වුණේ දකුණු අප්‍රිකා කණ්ඩායමේ පන්දු යවන්නන් විඩාවට පත්කරමින්.

ප්‍රථම කඩුල්ල ලෙස ට්‍රැවිස් හෙඩ් දැවී ගියත් ඊලගට පැමිනි ග්‍රීන් දකුණු අප්‍රිකා පන්දු යවන්නන්ට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සමත් වුණේ පන්දු 55දී ලකුනු 118ක් ලබාගනිමින්.කිසිදුත් දකුණු අප්‍රිකා පන්දු යවන්නෙක්ට සාර්තක වීමට ඉඩ ලබා නොදුන් ඕස්ට්‍රේලියා මුල් පෙල් පිතිකරුවන් පන්දුවාර 50 අවසානයේ ලකුණු 431ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේ දකුණු අප්‍රිකා කණ්ඩායමට උන් හිටි තැන් අමතක කරමින්.එහිදී මුල් පිතිකරුවන් තිදෙනාම ශතක ලබා ගැනීමට සමත්වීමද විශේෂ වුනා.තණතීරුව ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට සාර්ථක වුණත් දකුණු අප්‍රිකා පිතිකරුවන්ට එසේ වූයේ නැහැ.දකුණු අප්‍රිකා පිතිකරණ බලඇණිය සම්පූර්ණයෙන්ම අඩපණ කිරීමට Connoly සමත් වුණේ ලකුණු 22ට කඩුලු 5ක් දවාගනිමින්.ඒ අනුව තෙවන සහ අවසාන තරඟයෙන් ලකුණු 276ක් ජයක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණේ දකුණු අප්‍රිකා කණ්ඩායම තරගාවලිය ජය ගත්තත් , අමිහිරි අවසානයක් ලඟා කර දෙමින්.