Tember Bavuma
ඉතින් යාළුවනේ ඔයාලා හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා. කාලයක් මැච් නැතුව වේලි වේලි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයින්ට ඒ පාඩුව හොඳින් මැකී යන්න බංගලාදේශ පිතිකරුවන් දවස් දෙකක් පුරාවට වග බලා ගත්තා කිව්වොත් නිවැරදියි.ඉතින් ඒ ගැන මැච් එක ඉවර වුණාම ලියන්නම්. අද ලියන්න යන්නේ කොතරම් දක්ෂ වුවත් අවාසනාව නිසා කාලයක් පුරාවට ICC ලෝක කුසලානයක පහස විඳීමට නොහැකි වූ දකුණු අප්‍රිකා කණ්ඩායමට ලෝක කුසලානයක පහස විඳීමට නායකත්වය ලබා දුන් ඒ විශිෂ්ඨ නායකයා ගැනයි.දකුණු අප්‍රික ක්‍රිකට් කණ්ඩායම කියන්නේ මම ක්‍රිකට් මස් බලන්න පටන් ගත්ත කාලේ ඉඳලා ඒ කියන්නේ මට මතක විදියට මීට අවුරුදු 15ක වගේ ඉඳන් අති දක්ෂ පිතිකරුවන්, අති දක්ෂ පන්දු යවන්නන් වගේම විශිෂ්ට නායකයන්ගෙන් යුක්ත වුණු කණ්ඩායමක්.නමුත් ඔවුන් කොතරම් අවාසනාවන්තද කියනවනම් ලෝක කුසලානයකදී ගොඩක් වෙලාවට අවසන් පූර්ව තරඟයෙන් නික්ම යාමට සිදුවුනා.
කොහොම හරි මෙවර ටෙස්ට් ලෝක කුසලානයේදී දකුණු අප්‍රිකා කණ්ඩායම ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමත් සමග අවසන් මහා තරගයකට එක්වුනා.ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායම කියන්නේ මේ වෙනකොට ඉතා ප්‍රබල තත්ත්වයක ඉන්න කණ්ඩායමක්.ඒ වගේම ගොඩක් විචාරකයින් පවා අනාවැකි පළ කළේ මෙවර ලෝක කුසලානයත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සතුවෙයි කියල.ඒ කෙසේ නමුත් දකුණු අප්‍රිකා කණ්ඩායමත් සමබර ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක්.ඒ වගේම ඔවුන්ගේ නායකත්වයත් විශිෂ්ට දායකත්වයක් ලබා දුන්නා මෙවර ලෝක කුසලානය ජයගන්න. Bavuma කියන්නෙ ලොකුවට ජාතික කණ්ඩායමේ තරග ක්‍රීඩා කරලා තියෙන ක්‍රීඩකයෙක් නෙවෙයි. ඔහුගෙ ටෙස්ට් පිටිය තුළ පිතිකරන සාමාන්‍ය 40 ක ආසන්නව තිබෙන අතර එක්දින පිටිය තුළ පිතිකරන සාමාන්‍ය 40ට ඉහළින් පවතිනවා.ඒ වගේම Bavuma තවමත් ටෙස්ට් පිටිය තුළ පසු කර තිබෙන්නේ ලකුනු 3000 සීමාව පමණයි.නමුත් ඔහුගේ නායකත්වයෙන් ලැබුණු දායකත්වය නම් මම හිතන්නෙ නෑ දකුණු අප්‍රිකා කණ්ඩායමට කවදාවත් අමතක වෙයි කියලා.
Thank you for sharing on steem! I'm witness fuli, and I've given you a free upvote. If you'd like to support me, please consider voting at https://steemitwallet.com/~witnesses 🌟
John the Don King of South Africa, Lord Bavuma 👌
😍😍😍