Unbeaten SriLanka

in Steem Sri Lankayesterday

1000061734.jpg

source<;/sub>

ඉතින් ඔයාලා හැමෝම දන්නවා ඇති ශ්‍රී ලංකා කණ්ඩායම මේ වෙනකොට ආසියානු කුසලාන තරගාවලිය සඳහා සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් ඊයේ රාත්‍රියේ අපිට විතරක් නෙවෙයි තවත් රටවල් දෙකක සුපිරි හතර දෙනාගේ වටයේ තම හිමිකම ලැබෙන තරගයක් තමයි පැවැත්වුණේ.ශ්‍රී ලංකා කණ්ඩායම තමන් මුහුණ දුන් පළමු තරඟයම බංගලාදේශ කණ්ඩායමට එරෙහිව පහසු ජයක් ලබාගත්තත් හොංකොං කණ්ඩායමට එරෙහිව ලබාගත් ජයග්‍රහණය එතරම් ඉහළ අගයකින් ලබා නොගත් නිසා අපිටද මේ තරඟය තීරණාත්මක තරඟයක් වුණා.කොහොමහරි මේ තරගය ශ්‍රීී ලංකාවට සුපිරි හතර දෙනාගේ වටයට යෑමට වැඩි අවස්ථාවක් තිබුණු තරඟයක් උනා, මොකද තරඟය අඩු පරතරයකින් පරාජය වුණත් ශ්‍රී ලංකා කණ්ඩායමට එය එතරම් ලොකු බාධාවක් උනේ නැහැ සුපිරි හතරදෙනාගේ වටයට යෑමට. ඉතින් ඊයේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්තානය අතර තරගය ඇෆ්ගනිස්තානයේ ජයග්‍රහණය කළොත් ඔවුන් හතර දෙනාගේ වටයට යෑමට අවස්ථාව ලබා ගන්නා අතරම ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළහොත් ඇෆ්ගනිස්ථානය වෙනුවට බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි හතර දෙනාගේ වටයට යෑමට සුදුසුකම් ලබනවා.

ඉතින් කොහොම හරි කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඇෆ්ඝනිස්ථාන නායක රශීඩ් කාන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ වඩාත්ම හොඳ තීරණය ලබා ගනිමින්.නායකයාගේ තීරණය දෙවරක් සිතා බැලීමට කටයුතු කළ පිතිකරුවන් එකින් එක දවා ගැනීමට නුවන් තුෂාර සමත් වුණේ විශිෂ්ට පන්දුව යැවීමක නිරතවෙමින්. කඩුලු නැති උනත් වනිදු හසරන්ගද අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වුණේ තම පන්දුවාර හතරම ලකුනු 18ට සීමා කරමින්.පන්දු වාර 18ක්ම ලකුනු 130ටත් අඩුවෙන් සීමා කර තිබූ ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ පාලනය තම අතට ගෙන තිබුණත් එය නැවත උදුරා ගැනීමට නබී සමත් වුනේ අවසන් පන්දු වාර දෙකට අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කරමින්.ඉන් වඩාත් කැපී පෙනුණේ වෙල්ලාලගේ විසින් යැවූ අවසන් පන්දුවාරයට හයේ පහර පහක් එල්ල කිරීමත් සමඟයි.ඒ අනුව ලකුනු 169ක දැවැන්ත ඉලක්කයක් ලබාදීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වුනා. පිළිතුර ඉනිම පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ වන විට වඩාත්ම සාර්ථක පිතිකරුවා වන පැතුම්ගේ කඩුල්ල දවා ගැනීමත් සමඟ සියලු රසිකයින්ට තරඟය ගැන දෙගිඩියාවක් ඇතිවුණා කිව්වොත් නිවැරදියි.විස්සයි විස්ස පිටියේ ටික දවසක් එතරම් සාර්ථක නොවූ කුසල් මෙන්ඩිස් මේ තරඟයේදී තමන් කවුද යන්න මනාව ඔප්පු කළේ ජයග්‍රාහී ඉනිම තම පිත්තෙන් දියත් කරමින්.ඒ අනුව කුසල් මෙන්ඩිස් ලකුනු 74ක් ලබා ගැනීමට සමත් වූ අතරම කුසල් පෙරේරා සහ කමිදු මෙන්ඩිස් ඉලක්කය සපුරා යාමට ඔහුට මනා සහයක් ලබා දුන්නා.ඒ අනුව එම ඉලක්කය පන්දුවාර 18.4දී හඹාගොස් ජයග්‍රහණය කලේ ඇෆ්ඝනිස්තානයේ සුපිරි හතර දෙනාගේ හීන බොද කරමින්.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම සුපිරි හතර දෙනාගේ වටයේ පළමු තරඟය ලෙස හෙට තරඟ වැදීමට නියමිතයි.