Womens World Cup

in Steem Sri Lanka6 days ago

1000067978.webp
source

ඉතින් යාලුවනේ කොහොමද? ආසියානු කුසලාන තරගාවලියෙන් පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමට කෙටි විවේකයක් හම්බුන නිසා රසිකයින්ට ආයෙත් කාලයක් අකමැත්තෙන් වුණත් බලන් ඉන්න සිද්ධ වෙනවා.කොහොමින් කොහොම හරි මේ කාලවකවානු අතරේ තමයි කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය පටන්ගෙන තියෙන්නේ.දැන් ටිකෙන් ටික කාන්තා ක්‍රිකට් වෙනදට වඩා උද්යෝගිමත් ප්‍රේක්ෂකයින්ගේ අවධානය ටිකෙන් ටික දිනාගන්න සමත් වෙලා තියෙනවා.මුල් කාලයේ අති ප්‍රබලයන් ලෙස එංගලන්තය සහ ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නම් දරාගෙන සිටියත් දැන් අනිත් කණ්ඩායමුත් ඒ මට්ටමටම එන්න සමත් වෙලා තියෙනවා.විශේෂයෙන්ම ඉන්දියාව ,නවසීලන්තය පෙරළිකාර ශ්‍රී ලංකා කණ්ඩායම වගේ.

ඉතින් මෙවර කාන්තා ක්‍රිකට් ලෝක කුසලානේ සමාරම්භක තරඟය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම තරඟ වැදුනා.එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට සමත් වුණු ඉන්දියා කණ්ඩායම පන්දු වාර 47 අවසානයේ 269ක ප්‍රබල ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.එහිදී sharma සහ kaur අර්ධ ශතක ලබා ගැනීමට සමත් වුණු අතර විශිෂ්ට පන්දු යැවීමක නිරත වුණු ඉනෝකා රණවීර කඩුලු හතරක් දවා ගැනීමට සමත් වුණා.ඉලක්කය හඹායාමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග දිනවීමට බෙහෙවින්ම දායක වන්නේ මුල් පෙළ පිතිකාරිනියන් බව ඔබ මම හැමෝම දන්න කරුණක්.නමුත් ඒ දායකත්වය හරිහැටි මේ තරඟයේදී ලැබුණේ නැහැ.බලාපොරොත්තු තබාගෙන සිටි හර්ෂිතා සමර වික්‍රම සහ විශ්මි ගුණරත්නගෙන් කැපී පෙනෙන ඉනිමක් මේ තරඟයේදී බලා ගැනීමට හැකි වුණේ නැහැ.ඒ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 211ක් තුළ දවා ගැනීමෙන් සමාරම්භක තරගය ජයග්‍රහණයකින් ආරම්භ කිරීමට ඉන්දියා කණ්ඩායම සමත් වුණා.