ලෝකයේ ඉගෙනීමට අපහසුම භාෂා 10
ලෝකයේ රටවල් 193ක් ඇති අතර ,එම රටවල ආසන්න වශයෙන් භාෂා 7000 ක් පමණ භාවිතා වෙනවා.එම භාෂා එකිනෙකට බොහෝ සෙයින් වෙනස් වන අතර ඒවා ඉගෙනීමට ඇති පහසුවද එකිනෙකට වෙනස් වේ.සමහර භාෂාවන් වල ඇති අක්ෂර ප්‍රමාණයන්, අක්ෂර වල සංකීර්ණභාවය ,ව්‍යාකරණ නීති ආදිය නිසා එම භාෂාවන් ඉගෙනීමට ඇති පහසු බව වෙනස් වේ.උදාහරණයක් වශයෙන් ඉංග්‍රීසි භාෂාවේ අකුරු 26ක් ඇති අතර ව්‍යාකරණ නීතිද අනෙකුත් භාෂාවලට සාපේක්ෂව ඉතා පහසු නිසා ඉගෙනීමට පහසු භාෂාවන් අතර ප්‍රමුඛතාවයක් ලබා ගනී.ලෝකයේ ඉගෙනීමට අපහසුම භාෂාවන් අතරින් 10 ක් පිලිබදව අද අපි කතා කරමු
10. තුර්කි භාෂාව
තුර්කියෙ නිල භාෂාව වන්නෙ තුර්කි භාෂාවයි.ඉංග්‍රීසි භාෂාවට බොහෝ සෙයින් සමාන අකුරු පැවතුනත් එවාගේ උච්චාරණය තරමක් වෙනස් වේ.ඒ වගෙම වචන අගට එකතුවන සබැඳි ( suffixes) නිසා සංකීර්ණ විවිධාර්ත පද සැදීම හේතුවෙන් තුර්කි භාෂාවේ වචන ඉගෙනීම තරමක් අපහසු වේ.
9. හන්ගේරියානු භාෂාව
හන්ගේරියානු භාෂාව යනු හන්ගේරියාවේ ප්‍රධාන භාෂාව වේ. හන්ගේරියානු භාෂාව ඉගෙනීමට අපහසු වීමට ප්‍රධාන හේතුවක් වන්නේ එය බොහෝ යුරෝපීය භාෂාවන් වලට වඩා බොහෝ සෙයින් වෙනස් වීමයි.ඒ වගේම අනෙකුත් භාෂාවන් වල අන්තර්ගත නොවන විවිධාකාර අක්ෂර සහ උච්චාරණය කිරීමට අපහසු හඬවල් ඇතුලත් වීමද හන්ගෙරියානු භාෂාව ඉගෙනීම අපහසු වීමට ප්‍රධාන හේතුවක් වේ.ඒ වගේම අනෙකුත් භාෂාවන් වලට වඩා වෙනස් වචන පිලිවෙලක් හන්ගේරියානු භාෂාව තුල පැවතීම නිසාද හන්ගේරියානු භාෂාව ඉගෙනීම පහසු නොවේ.
8. පෝලන්ත භාෂාව


පෝලන්ත භාෂාව ඉගෙනීම අපහසු වීමට ප්‍රධාන වශයෙන් සංකීර්ණ ව්‍යාකරණ සැකසුම හේතු වේ.උදාහරණයක් වශයෙන් නාම පද , විශේෂණ සහ සර්ව නාම සඳහා ව්‍යාකරණ අවස්තා 7 ක් පවතී. පොලන්ත භාෂාව තුල සංකීර්ණ අක්ෂර සංයෝග පැවතීමද එම භාෂාව ඉගෙනීම ඉතා අපහසු කරයි.විශේෂයෙන්ම සංකීර්ණ අක්ෂර සංයෝග හේතුවෙන් උච්චාරණයද පහසු නොවේ.
7. රුසියානු භාෂාව


රුසියානු භාෂාව රුසියාවේ ප්‍රධාන භාෂාව වන අතර රුසියාවෙන් බිඳී ගිය බොහෝ රටවලද ප්‍රධාන භාෂාව වේ.රුසියානු භාෂාව , පෙර කී අනෙකුත් භාෂාවන් ලෙසම ඉගෙනීමට අපහසු වීමට ප්‍රධාන හේතුව වන්නේ සංකීර්ණ ව්‍යාකරණයි.පෝලන්ත භාෂාවේ මෙන් නාම පද , විශේෂණ සහ සර්ව නාම සඳහා ව්‍යාකරණ අවස්තා කිහිපයක්ම පවතී. රුසියානු භාෂාව තුල ස්වර අක්ෂරයක් නොමැතිව ව්‍යංජන කිහිපයක් පවතින අවස්ථා පැවතීම නිසා උච්චාරණයන් ඉතා අපහසු වේ.
6. තායි භාෂාව


තායි භාෂාව තායිලන්තයේ නිල භාෂාව වේ. තායි භාෂාව ඉගෙනීම අපහසු වීමට ප්‍රධාන හේතු කිහිපයක් පවතී.ප්‍රධාන වශයෙන්ම තායි භාෂාව තුල හඬ හැසිර වීම් 5ක් පවතින අතර ඒවායින් ලැබෙන වචන වල තේරුම්ද එකිනෙකට වෙනස් වේ. තායි භාෂාව තුල ස්වර හා ව්‍යංජන එක් වී වචන සෑදෙන ආකාරය ඉතාමත් සංකීර්ණ වේ.ඒ වගේම වචන අතර ඉඩැසක් නොපැවතීම නිසා වචන වෙන් වෙන්ම හඳුනාගැනීම ඉතාම අපහසු වේ.
5. වියට්නාම් භාෂාව


වියට්නාම් භාෂාව වියට්නාමයේ ප්‍රධාන භාෂාව වේ. වියට්නාම් භාෂාව තුල බහු වචන බොහෝමයක් ඇති අතර ස්වර සහ ද්වී ස්වරද පවතී.කෙසේ වෙතත් වියට්නාම් භාෂාවේ ව්‍යාකරණ අනෙකුත් භාෂාවන් හා සැසඳීමේදී පහසු වේ.අනෙකුත් භාෂාවන් තුල නොපවතින උච්චාරණ සහ හඬවල් වියට්නාම් භාෂාව තුල පැවතිම හේතුවෙන් සවන් දීම තුලින් වචන හඳුනාගැනීම තරමක් අපහසු වේ.
4.කොරියානු භාෂාව


කොරියානු භාෂාව සෑදී ඇත්තේ හන්ගුල් නම් අක්ෂර හෝඩියෙනි.කොරියානු භාෂාව ඉගෙනීම අපහසු වීමට ප්‍රධාන හේතුවක් වන්නේ සංකීර්ණ ව්‍යාකරණ භාවිතයයි .විශේෂයෙන්ම විවිධාකාර ක්‍රියාපද ආකාර, ක්‍රියා විශේෂණ ආකාර , නාම විශේෂණ ආකාර පවතී.එමෙන්ම ගෞරවාර්ත පදද පවතී. එමෙන්ම අක්ෂර මිශ්‍ර වීමේදී උච්චාරණයන්ද වෙනස් වේ. කොරියානු භාෂාව තුල ප්‍රාදේශිය ව්‍යවහාරයන්ද බොහෝමයක්ද පවතී.
3. ජපන් භාෂාව


ජපන් භාෂාව ඉගෙනීම ඉතා අපහසු බව බොහෝ දෙනෙක් පිලි ගනී.ජපන් භාෂාව තුල හිරගන,කතකන සහ කන්ජි නමින් හෝඩි තුනක් පැවතීම එසේ අපහසු වීමට ප්‍රධාන හේතුවක් වේ. එයිනුත් කන්ජි හෝඩිය තුල අක්ෂර දහස් ගණනක් පවතී. ජපන්භාෂාව තුල විවිධාකාර ක්‍රියාපද ආකාර , වාක්‍ය රටා බොහෝමයක් පවතී.ජපන් භාෂාව ලිවීමේදී වචන අතර ඉඩැසක් නොපවතින නිසා වචන හඳුනා ගැනීම තරමක් අපහසු වේ.වාක්‍ය ලිවීමේදී උක්තය - කර්මය -ආක්‍යාථය වශයෙන් ලිවිම සිදු කරයි.
2. අරාබි භාෂාව
මූලාශ්‍රය
මූලාශ්‍රය
අරාබි භාෂාව මැද පෙරදිග බොහෝ රටවල භාවිතා වේ.අරාබි භාෂාවේදී දකුණේ සිට වමට ලිවීම කරන අතර අකුරු බැඳි අකුරු ලෙස ලිවීම කරයි. අරාබි භාෂාවේ සංකීර්ණ ව්‍යාකරණ රටා පවතින අතර එවා අනෙකුත් භාෂාවන් හා සැසදීමේදී බොහො සෙයින් වෙනස් වේ.අරාබි භාෂාව තුලද ප්‍රදේශීය ව්‍යවහාර බොහොමයක් පවතින අතර ඒවා ප්‍රධාන අරාබි භාෂාව හා සැසඳීමේදී සැලකිය යුතු ලෙස වෙනස් වේ.
1. චීන භාෂාව


චීන භාෂාව , ඉංග්‍රීසි භාෂාවට පසුව ලෝකයේ බොහෝ දෙනෙක් භාවිතා කරන භාෂාව වන අතර සංකීර්ණම සහ ඉගෙනීමට ඉතාම අපහසු භාෂාවක් ලෙස සැලකේ.චීන භාෂාව තුල එකිනෙකට වෙනස් අක්ෂර පවතින අතර එවායෙන් බොහෝ විට වචනයක් හෝ අදහසක් පිලිබිඹු කරයි.චීන භාෂාව ඉගෙනීමේදී මෙවන් අක්ෂර දහස් ගණනක් හමුවන අතර සාමන්‍ය ව්‍යවහාරය සදහා වචන /අක්ෂර 3000ක් පමණ මතක තබා ගැනීම වැදගත් වේ. එමෙන්ම චීන භාෂාවේ විශේෂත්වයක් වන්නේ බොහෝ වචන උච්චාරණය සමාන වුවද හඬේ බර වෙනස් කිරීම මගින් විවිධාකාර තේරුම් ලබා දීමයි.
Interesting article. Is this from research, or is there a source for this list? Try to use royalty-free images in your article.
I invite you to join my newest contest, and share your travel places with Steem Atlas. Feel free to ask any questions!
https://steemit.com/steem-sri-lanka/@damithudaya/contest-announcement-and-winners-or-steem-atlas-challenge-xx-pin-your-favorite-spot
@damithudaya Thank you very much for the upvote.I referred multiple sources but I came up with my own idea to write the article. I will use royalty free images in next articles.Also, thank you for the invitation for the steem atlas contest.