ශක්තිවන්තම පුරුෂයා තේරීම
හවස වැඩ කර කර ඉන්න අතර තුරේ එක සැරේ අම්ම කෑගැහුවේ මෙන්න photo ගන්න කියල. හැම දේම photo අරගන්න නිසා ගෙම්බෙක් ගොළුබෙල්ලෙක් යනවා දැක්කත් අම්ම කතා කරන්නේ ඇවිත් photo එක ගහගන්න ඕන නම් කියල. බනිද්දිත් බනින්නේ photo ගහ ගහ ඉන්නව කියල තමයි.
එලියට ගියාම මෙන්න තුන් දෙනෙක් එක්ක ලොකු රණ්ඩුවක්. අහල පහල අයත් රණ්ඩුව බලන්න එලියට ඇවිත්. කට්ටිය රණ්ඩු වෙවී මිදුලටම ආව එකේ photo ටිකක් ගන්න ඕන කියල මගේ හිත කියන්න ගත්ත. ඉතින් Lens එකත් අරන් ඒක අමුණගෙන, Zoom කරල රණ්ඩුව පැත්තට යන්තම් Focus කරා. හිතාගන්න බැරි වේගයෙන් පිරිස එහෙ මෙහෙ දුවනව. බලන් ඉන්න අයත් ඒ පස්සෙන්ම දුවනව. මමත් දුවනව. ඒ අස්සේ හදිස්සියෙවත් කවුරු හරි බිම වැටුනොත් කන්න අපේ පුසත් දුවනව.
මේ රණ්ඩු වෙන්නෙ කෑරල්ලු 3 දෙනෙක්. කෑරලාගේ බහු වචනේ තමයි මෙතෙන්ට එන්න ඕන. මේ කතාවේ තිබ්බ විශේෂ දේ තමයි මේ කෑරලුන් 3 දෙනාගෙන් දෙන්නයි සටනට සම්බන්ධ වුණේ. දෙන්නෙක් පිරිමි සත්තු සහ අනිත් කෙනා ගැහැණු සතෙක් වෙන්න පුළුවන්. නැත්තම් රණ්ඩු වුණේ ගැහැනු සත්තු දෙන්නෙක්ද දන්නෙත් නෑ. මේ කුරුල්ලෝ දෙන්න එකිනෙකාට කොටා ගනිමින් පොල් ගහෙන් ගහට පියඹුව.
විනාඩි 5ක් වත් මේ කුරුල්ලෝ එක තැනක නොහිටපු නිසා පාරට වෙනකම් දුවන්න මට සිද්ධ වුණා. කලබලේ යන්තම් camera එක focus කරගන්න පුළුවන් වුණා. photo ගන්නවට වඩා පහසු video කරන එක. වටේ සද්දෙත් එක්කම මම upload කරා. සද්දේ එක්කම අහන්න පුළුවන් ගැටුමෙ තරම.
මේ දෙන්න කොයි තරම් රණ්ඩු කරත් තුන් වෙනි කුරුල්ල නම් නිකමටවත් මැදිහත් වුණේ නෑ. සටන බල බල පාඩුවේ හිටිය විතරයි. තමන්ට ගැලපෙන ශක්තිවන්තම පුරුෂයා තෝරාගන්න කිරිල්ලියත් බලන් ඉන්න ඇති. පහලින් ඔයාලට බලන්න පුළුවන් එහෙම පාඩුවේ මොනව හරි කන ගමන් රණ්ඩුව බලපු තුන්වෙනි කුරුල්ලා.
මේ කතාවෙන් අපට ඉගෙන ගන්න තියන පාඩම තමයි, කවුරු හරි රණ්ඩු වෙද්දී එක බලන් ඉන්න පිරිස වැඩි. කුරුළු ලෝකේ වගේම අපේ ලෝකෙත්. ඒ නිසා පරිස්සමෙන් වැඩ කරන්න.
බලන් යද්දි දුවල නැත්තෙ අශේන් විතරයි මං හිතන්නෙ 😂😂😂 , අපේ අම්මත් දැන් මොකක් හරි දෙයක් දැක්කොත් කෑගහනව ඕනනම් ෆ්ටෝ ගහගන්න කියල 😂😂😂
Ashen awe na mn ke gahalath mata udaw karnna. Ganan gaththe na
This post has been upvoted by @italygame witness curation trail
If you like our work and want to support us, please consider to approve our witness
Come and visit Italy Community
balana gaman enjoy karana kattiyath wadi. 😁
karalai kottoruwai dennama ekknek neda??
Eka thamai ne. Man muta kiyanna kerala kiyala. Ape amma kiyanne kottoruwa kiyala. Mu kotanawa. Kottoruwath thamai. Mn dekama google karama mu awa nisa shape😅
matath penawa oya wage ewa janelen balan iddi. photo gahana eka thamai amaruma wade eka thanaka inne nathi nisa. 😶 godak welawata ganna photo helawenawa. video karapu eka hondai e nisa.
Video thamai hariyanne kurullonta. Mn therum gaththa sathya. Udaha gedara minissu koi wele hari baninwa mn a waththa video karala🤣🤣
මගෙ නැන්දම්මත් ඒ වගේ.මලක්,සතෙක්,පැලයක් .... දැක්කත් නිතරම කතා කරනවා ෆොටෝ ගහන්න කියලා.රෝස මල්,වද මල්, පිපුනම බීම හදන හැටි දාන්නලු
ape nandammath ehema unoth hondai :)))
apehath ohomai. kurullo awilla nelum pochchiye nana nana parata mata inna denne na.
anna eka thamai awul wede. un mal pochchiye nanawa. wathura ihirenwa. eta passe maalu paw
Meka video kare Randulage aluth lens eken da? Me wede nm niyamii
ow. aparade set ekkma order kre. eka lens ekaine use karanne mama
කුරුල්ලෝ..🙊
ඒක නම් ඇත්ත.රණ්ඩු බේරෙනව ට වඩා මාධ්‍යවේදියෝ වැඩියි. මෙතනත් ඒකම නේ වෙලා තියෙන්නේ.🙊🤭😂
na kurulla newe. kerala
aa gahanu satha neweida..😁😁🤔
🤔 කෑරලා kiyala kurullek innawa kiyala danne nathi Sudaraka

adee eka mn dake nenh..😫🤫🥴
Dan boru kiyanna epa🤣🤣🤣 hoo
කුරුල්ලූ වගේ දැක්කෙ..😕😕
Ape ammath mokak hari special deyak karanawanam mata photo ganna katha karanawa, man wadak nam eyama gannawa.
Dan puruddak wela eka
Amma niyamai 🙊. Kollek wenuven kello dennek randu unada dannet na 🤣.
Kellonta pissuda ehema karanna😅
ow kello ehema na nh 😁😁.