ජීවිතෙන් එපිට ලෝකය.

in Steem Sri Lanka4 years ago

ලෝකය පෙරලෙයි-කාලේ ගෙවීයයි,
මරුවා ලගාවෙනවා.
සිතු දේ නොමවෙයි-නොසිතු දේමවෙයි
ලෝදම් කැරකෙනවා.

16291277657446667758530966506823.jpg

අපූරූයි පද පේලියම.ඒ වගේම ඔබ දන්නවාද,එහි හැබෑ අරුත.දවල් හීන බල බල ජීවත්වන අපිට මරුව නගිනවා නේද,පොඩ්ඩක් එහෙමෙහෙ උනොත්,වැඩපිළිවෙළ අවුල් උණ හැටියෙම.ඔන්න කාගෙ කාගේ කටවල් වලිනුත් ඔය ටික පිටවේවී.හ්ම්ම්ම්ම්.
අපිට අනුව හා ඒක හරි හිතමුකෝ.
ඒත් ඔබ දන්නවාද,ඒ සියල්ල මෙහෙයවන්නේ ඇත්තෙන්ම මාරයාගේ බලපෑම නිසාම බව.ඔන්න ඔතනදි ඔයාලා හිනාවෙයි.විකාර කතා කියලා.ඔව් ඒක හැබෑවටම එක්තරා විහිලුවක් .මොකද ඔහුගේ සොබාහවය,කායික හා මානසික වශයෙන් සත්වයා පීඩාවට පත්කොට ජීවිතය කෙළවර කරවීමයි.තන්හාවෙන් මියයන මිනිසා නැවත නැවත ඇලි ඇලී උපදී.
"අන්තෝ ජටා-බහු ජටා"ඇතුලතත් ප්‍රශ්ණ පිටතත් ප්‍රශ්ණ.මොනාද මේ තරම් තදින් අල්ලාගෙන බැදතබාගෙන පවත්වාගෙන යායුතු ප්‍රශ්ණ.
හැබෑලෙසම ජීවිතයම ප්‍රශ්ණ පත්‍රයක් ලෙස හැදින්වුවහොත් ඒක තමයි හරිම කතාව.අද මුහුණ දෙන දේට වඩා හෙට සම්පූර්ණයෙන්ම වෙනත් ගැටලුවකට හෙට අපට මුහුණ දෙන්න වේවී.ඉතින් මේ ජීවිතය මියයන තුරාවටම ගැටලු වලින් මිරිකෙමින් තන්හාවෙන් ඇලෙමින්ම මියයයි.

16291326762678187127631578161974.jpg

ලෝකය තුල මානව හිතවාදී බුදුදහම පැහැදිලි කරන යථාර්තයම,අද වන විට වෙනත් අයවලුන් වෙනත් ආකාර වලින් සොයා බලා පරීක්ෂණ,කොට තහවුරු කර හමාරය.
වෙද්‍"ය රේමන්ඩ් මූඩ්"වැනි විශිෂ්ඨ විද්වතුන් කරන ලද පරීක්ෂණ වලදී හමුවූ මෝහන ක්‍රම වලට බදුන් කරන ලද සමහර පුද්ගලයන් එකිනෙකා එකිනෙකට සමාන වූද යම් තැනක පරස්පර තැන්ද හමුවුනද සියල්ලන්ටම පාහේ තමන් ආත්මීය සිරුර ගැන බොහෝ සමානකම් දරන ලදි.
හිස් අවකාශය මත සැහැල්ලු සිරුරක්,එනම් ආධ්‍යාත්මික සිරුරක් වන අතර එය පාවීයන සොබවයක් දරයි.
ඔහුනොවුන් එක් එක් දිසාවලට ඇදීයන අයුරුද,තමන් තුල පෙර පැවැති සිරුරු පිලිබදව සමහරු දුක් උනද නැවත ඇදී ඒමට දැඩ්ව උත්සහ කරන්නන් වන අතර,තවකෙක් එම අතහැරීම් ගැන සතුට පලකරන අයුරුද පුදුම තරම්‍ය.
ඔහුන් වෙනත් මානයන් කරා ඇදීයන ආකාරද විස්තර කරති.සමහරු ජීවත්ව සිටින්නන් හා ගණුදෙනු කිරීමට දැඩිව උත්සහ කරන අයුරුද,නමුත් ඔහූනට කාලය ගමන් කිරීම පිලිබද එහිදී අවබෝදයක් නොමැති බවද,තමන් තරංගයක් ලෙස විවිද දිසා වලට ඇදීයන අයුරු මනාව විස්තර කරති.

16291328466027293956966901734378.jpg

"මාගේ ආත්මික සිරුරට කුඩා කලවරක් හා විශාල කෙලවරක් ලෙස අන්ත දෙකක් තිබුනා.අනතුර සිදූඅන විගස ආත්මික සිරුර හිසට ඉහලින් එල්ලෙමින් තිබුනා.සිරුරෙන් ඉවත් වන අවස්තාවේ විශාල කෙලවර මුලින් පිටව ගොස්,කුඩා කෙලවරත් සමග පිටඋනා.නමුත් එම පිරිසේ අය සිරුරට අල්ලන ලද විද්‍යුත් යන්ත්‍ර නිසා කුඩා කෙලවර සහිත කොටස දෙසින් මුලින් ඇතුලුවී,පසුව විශාල කොටස ද ඇතුලූ උනා.එතනින් නැවැත භොතික සිරුරට පැමිණියා."

කෙසේ වෙතත් අප දැඩ්ව තේරුම් ගතයුත්තේ ඉපදුනොත් දිනක මියයනවා නියතයි.එතෙක් නොමැරී මැරි මැරී ජීවත් වනවාට වඩා වඩාත් අවදානයෙන් මේ ජීවිත කාලය ආධ්‍යාත්මික පැතිකඩට බරකොට ඉතා සැහැල්ලුවෙන් කටයුතු කලයුතුයි.යහපත්ව ජීවත්ව,කිනම් අවස්තාවක ජීවිතය අතහරින්න උනද,එම පුද්ගලයා සතුටු වියයුතුය,මක්නිසාද මරණින් එපිටදී අප අතරමං නොවන බැවිනි.

Sort:  

In this little time of our lives we need to collect things, not money, not gold.Only merit by doing meritorious deeds.

Exactly .a few of them can understand this situation ,but others?..............that is the problem.

Hi, @wasana,

Thank you for your contribution to the Steem ecosystem.


Please consider voting for our witness, setting us as a proxy,
or delegate to @ecosynthesizer to earn 100% of the curation rewards!
3000SP | 4000SP | 5000SP | 10000SP | 100000SP