ගලක වටිනාකම් හදුනාගෙන සසුන බබළන නෙල්ලිගල වෙහෙර.

in Steem Sri Lanka4 years ago

IMG-20211226-WA0021.jpg
මහනුවර නගරයේ සෑම අතින්ම වටිනාකම් සහිත ස්ථාන බොහොමයක් දක්නට ලැබේ.අද අපි ගියේ මහනුවර,මුරුතලාව නගරයේ පිහිටා තිබෙන නෙල්ලිගල වෙහෙර වැදපුදා ගැනීමටයි.මුරුතලාව නගරයට පැමිණ ,නෙල්ලිගල ගම්මානය කෙලවරට පැමිණිවිට දක්නට ලැබෙන සුන්දර ගල් පර්වතය මුදුනේ බැබලෙන මේ සුන්දර වෙහෙර දුටුවන් නෙත පිනවන්නේ පින්වත් සිත් පෙරදැරිවය.
මේ මහා රලු ගල් තලාවේ මැවෙන සුන්දර දසුන අති රමණීය මෙන්ම පුදුම සහගතවූ නිර්මාණයක්මය.එහි වැඩවසන්නා වූ අති උත්තම හිමිපාණන්ගේම දැඩි කැපවීමේ ප්‍රතිඵලයක්මය.
IMG-20211226-WA0018.jpg

ඉතා කෙටි කලක් තුල මැවුන මෙම අපූරූ විහාරයට ගඩොලින් ගඩොලට කැපවුන පින් ඇත්තෝ බොහෝය .මේ සා විසල් නිමවුම් දකින පිනැත්තෝ සාදුකාර දෙත්වා.පින්වත් පුදබිම කරා පැමිනෙන අයගේ විනීත බාවයද අපි දිටිමු.ජීවිතයේ අනෙකුත් සියල්ල අමතක කොට මහණදම් නොපිරුවද,පුදුමාකාර නුවුනු සොබහවයක් ඒ සියල්ලෝම මෙම ස්තානයේදී විදගනු නියතය.
IMG-20211226-WA0035.jpg
මෙහි අප දකින්නේ සියලුම මහරහත්,රහත් වහන්සේලාගේ තැම්පත් කරනු ලද කරඩු ඇතුලත් බුද්ධ මන්දිරයයි.සැබවින්ම මෙවන් පින්කෙතක සිට එවන් දර්ශනයක් දකිනු ලැබීම තරම් සතුටක් නොමැත.දින පතා සකල වැසියන් කෙරෙහි අනුකම්පාවෙන් පුද පූජා පවත්වනු ලබන මෙම බුදුමන්දිරය මෙහි පැමිනෙන බැතිමතුන්ගේ නිබද වන්දනාවට පාත්‍රවේ.
IMG-20211226-WA0038.jpg
එමෙන්ම මේ අප දකින රන් ආලේපිත මහා සෑය තේජමානව කදු මුදුනේ දිලෙන්නේ රන් වන්හිරු රැස් දහරින් නැහැවෙමිනි.වෙහරට වම් පසින් කිරි සුදුපාටින් මහ සෑ රජ දිලේ.සාදු සාදු.සියලු දෙව්වරු සතර දිසාවෙන් වන්දනා කරන් හා සමානය.
IMG-20211226-WA0031.jpg
මලුවේ කෙලවර ගිරි ප්‍රපාතයයි.දුටුවන් බියෙන් වෙවුලන එම හෙල පාමුල විරාජමානව වැඩවසන සුමන සමන් දෙවි පිළිරුව විහාරය ආරක්ෂාකරනු හා සමානය.
IMG-20211226-WA0017.jpg